තැපෑල හෙට සිට වර්ජනයක

තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති එකාබද්ධ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වෘත්තීය සමිති නියෝජිතයන් එකාබද්ධව කොළඹදී අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.

ඒ අනුව හෙට (16) සවස 4.00 සිට (18) වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.