ටොනේඩෝවක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය කුණාටුවක් හේතුවෙන් මිසූරි ප්‍රාන්තයේ හි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එසේම ආකැන්සාස් හි තවත් මරණ තුනක් ද, කුණාටුව හේතුවෙන් සිදු වූ මාර්ග අනතුරු වලින් තවත් මරණ තුනක් ද වාර්තා වී තිබෙනවා.

එසේම ඉලිනොයිස්, මිසූරි, ආකැන්සාස්, මිසිසිපි, ඉන්දියානා සහ කෙන්ටකි යන ප්‍රදේශවල ටොනේඩෝ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉදිරියේ දී මෙම ටොනේඩෝව තවත් දරුණු තත්ත්වයට පත් විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.