පළමු වාරයේ පළමු අදියරය අද අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා.

ඒ අනුව 2025 අධ්‍යන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 01 වැනිදායි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර තිබෙනවා.

එය 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.