වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරන්නේ.
එම සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ අනෙකුත් රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00 අවසන් කෙරුනා.

