X බිඳ වැටෙයි

Elon Musk ට අයත් මින් පෙර Twitter ලෙස හඳුන්වනු ලැබූ X යෙදවුම බිඳ වැටි තිබෙනවා.

අන්තර්ජාල සේවා බාධා කිරීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Downdetector ට අනුව, ඉන්දියාවේ පරිශීලකයින් 2,000 ක්, එක්සත් ජනපදයේ 18,000 ක් සහ එක්සත් රාජධානියේ 10,000 ක් පමණ බිඳ වැටීම් වාර්තා කර තිබෙනවා.

මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් තවමත් X විසින් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.