නගර පහක වායු ගුණ තත්ත්ව දර්ශකය අද දිනයේ “සුලු වශයෙන් අහිතකර මට්ටම” වෙත ලගා වී ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, මඩකලපුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය මෙලෙස තරමක අහිතකර මට්ටමක් දක්වා ලඟා වී තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරියේ වායු තත්ත්ව සහ ශබ්ද හා කම්පන පසු විපරම් ඒකකයේ අධ්‍යක්ෂිකා වර්නිකා රණවකආරච්චි කියා සිටියේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බවයි.
කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වායු ගුණ මට්ටමක යහපත් මට්ටමක ඇතැයි අපේක්ෂා කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ.

