රුපියල් මිලියන 210,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන 12 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී රුපියල් මිලියන 85,000 ක භාණ්ඩාගාර බැඳුම්කර 2029 වනසේ කල් පිරෙන පරිදි නිකුත් කෙරෙන බවයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.
එසේම රුපියල් මිලියන 75,000 ක භාණ්ඩාගාර බැදුම්කර 2032 වසරේදීත්, ඉතිරි රුපියල් මිලියන 50,000 ක බැදුම්කර 2034 වසරේදීත් කල් පිරෙන පරිදි නිකුත් කිරීමට නියමිතයි.

