ආගමික කෘතී, මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
ඒ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි මෙලෙස මෙම තහනම ඉවත් කර ඇත්තේ.
එම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවූ බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ.
2019 වසරේ සිදු වුණු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කෙරිණි.

