ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දී ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා අප රටෙහි ද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහ පොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවුණු බවයි.

එසේම ජාතික ජන බලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් බව ද හෙතෙම දක්වා තිබෙනවා.

සියලු කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ ” තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

ජනපතිගේ කාන්තා දින පණිවිඩය පහතින්,