ජාත්‍යන්තර කාන්තා දිනය අදට එනම් මාර්තු 08 වනදා ට යෙදී තිබෙනවා.
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ ජයග්‍රහණ සැමරීම සඳහා මෙන්ම ඔවුන්ගේ ජීවිතය වඩාත් සුවපහසු සහ ආරක්ෂිත කිරීමේ අරමුණ සිහිපත් කරමින් මෙම දිනය සමරනු ලබනවා.
20 වන සියවසේ මුල් භාගයේ කම්කරු ව්‍යාපාර වල ක්‍රියාකාරකම් වලින් මෙම දිනය ආරම්භ වූ අතර කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙන් වනවා.
පසුව 1977 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය නිල වශයෙන් පිළිගන්නා ලදී.
එතැන් සිට මේ දක්වා ලොව පුරා රටවල් රැසක මාර්තු 08 වන දා කාන්තා දිනය ලෙස සමරනු ලබනවා.
මවක, දියණියක, යෙහෙළියක, බිරිඳක, සොයුරියක වන ඇයව ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක්.
ඇයට නිදහසේ ජීවත්විය හැකි සමාජයක් ගොඩ නැගීම අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.

