ඕස්ට්‍රේලියාවට මේ වන විට බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයට ළගා වනු ඇති බවට එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විට එම කුණාටුව දැනට බ්රිබී දූපතෙන් ඔබ්බට ගොස් සෙමින් උතුරට ගමන් කරමින් සිටිනවා .
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති වීම නිසා දැඩි ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල දහස් ගණන් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එසේම, මේ වන විටත් එරට පාසල්, පොදු ප්‍රවාහන සේවා සහ ගුවන් සේවාවන් ද තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

