මාර්ග සංඥා පුවරු සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවි කරන්න යයි

නගරවල සවිකර ඇති මාර්ග සංඥා පුවරු 200ක් සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් සපයන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

පළමු අදියර සඳහා රුපියල් මිලියන 56 මුදලක් එම අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් මිලියන 33ක් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී තිබෙනවා.

මෙම මාර්ග සංඥා ක්‍රියාත්මකවන විට රිය ධාවනය කළ යුතු වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වන හෙයින් එම වේලාව එනතුරු වාහනයේ එංජිම ක්‍රියාත්මක නොකර සිටිය හැකි වනවා.

එමගින් ඉන්ධන කාර්යාක්ෂමතාවයක් ඇති වන අතර, අනවශ්‍ය වායු විමෝචනය ද අවම වන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.