නිල් මහා සටනේ දෙවන දිනය අද

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන 146 වන නිල් මහා සටන ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද වනවා.

කොළඹ එස්. එස්.සී ක්‍රිඩාංගණයේ ඊයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රිඩා කරන ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.

රාජකීය විදුහල පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලු 07 ක් දැවී ලකුණු 319ක් රැස් සිටියදීයි.

එහිදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ රෙහාන් පීරිස් ලකුණු 158ක් රැස් කළා.