අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු 75%ක් අවසන්

අස්වැසුම වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණනයෙන් ආසන්න වශයෙන් 75% ක් අවසන් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

දිවයින පුරා යොදවා ඇති සංගණන නිලධාරීන් විසින් මෙම සංගණනය පවත්වනු ලබනවා.

ඒ අනුව, ඉදිරි සතිය තුළ අයදුම්පත් ඉදිරිපත් කළ අයගේ නිවෙස්වලට සංගණන නිලධාරීන් නොපැමිණෙන්නේ නම්, ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය යුතු බවට ජනතාවට දැනුම් දෙනවා.