කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (02) පස්වරුවේ නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 09.30 දක්වා වලංගු වනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, සහ දකුණු පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එහි දැක්වෙන්නේ.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

