දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අවදානමක්

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා වලංගු වනවා.