මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව, මැතිවරණ කාර්ය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගැනීම සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව කියා සිටින්නේ.
එහිදී අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකි.
එම නිවේදනය පහතින්,


