මෙරට පළමු Shell ඉන්ධන පිරවුම්හල විවෘත කරයි

ඇමරිකාවේ ආර් එම් පාක්ස් සහ ට්‍රයිස්ටාර් සමාගම් හවුල්කාරීත්වය යටතේ ෂෙල් වෙළද සන්නාමය සහිත මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද අඹතලේ ප්‍රදේශයේ විවෘත කරනු ලැබුවා.

ඒ, ඊට අදාළ සිල්ලර වෙළඳනාම බලපත්‍ර ගිවිසුමට පසුගිය මාර්තු මාසයේ දී අත්සන් කිරීමත් සමගයි.

ආර් එම් පාක්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150 ක ජාලයක්, ෂෙල් ලෙස යළි සන්නාමකරණයට ලක් කර තිබෙනවා.

මෙම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වුවා.