ඉන්දුනීසියානු දූපතක් ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියානු දූපතක් වන සුලවේසි දූපත අසල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුතු නොගැඹුරු භූමිකම්පාවක් බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.

භූ කම්පනය එරට දේශීය වේලාවෙන් පෙ.ව. 6:55 ට පමණ ඇති වී තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් දූපතේ පදිංචිකරුවන් ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඉන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ඉන් සුනාමි අවධානමක් ද නොමැති බවයි සඳහන් වෙන්නේ.