ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා

පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුව තිබෙනවා.

මේ හේතුවෙන් රත්මලාන, පිළියන්දල, මොරටුව, පානදුර ආදී ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන මහතා පැවසුවේ.

එසේම වියලි කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි ඔහු ජනතාවට අවධාරණය කරන්නේ.