බෙංගාල බොක්ක ප්‍රදේශයේ භූ කම්පනයක්

අද උදෑසන උදෑසන 6:10 ට පමණ බෙංගාල බොක්ක ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.1 ක් බවයි ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කරන්නේ.

බෙංගාල බොක්කෙහි කිලෝමීටර 91 ක් ගැඹුරින් 19.52 N අක්ෂාංශ සහ 88.55 E දේශාංශවල මෙම කම්පනය හට ගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය හේතුවෙන් ඇති වූ පසු කම්පන කොල්කටා සහ බටහිර බෙංගාලයේ ප්‍රදේශ කිහිපයකට දැනි ඇතැයි වාර්තා වෙනවා.