දැඩි නියඟය නිසා රත්නපුර සහ කලු‍තර ජනතාව පානීය ජල අර්බුධයක

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා.

පවුල් 2278කට අයත් පුද්ගලයින් 7000කට වැඩි ප්‍රමාණයක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

විශේෂයෙන් රත්නපුර සහ කලු‍තර යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම තත්ත්වයට දැඩිව මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇතැම් ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානිය ජලය බෙදා හැරීම සිදුකනු ලබනවා.

මේ අතර මධ්‍යම කදුකර ප්‍රදේශවල පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහල යමින් පවතින බව වාර්තා වනවා.