ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය ප්‍රසන්න පෙරේරාට

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කරනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත භාර දී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර වේදී උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් ,