ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය නීතිඥ රජීව් අමරසූරියට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ධුරයට නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

එහිදී, ප්‍රකාශිත මුලු ඡන්ද සංඛ්‍යාව 6192, වන අතර, ප්‍රතික්ෂේප කරන ලද ඡන්ද සංඛ්‍යාව 85ක් වනවා.

එහිදී වැඩි ඡන්ද 2887 කින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය නීතිඥ රජීව් අමරසූරියට හිමිව තිබෙනවා.

අලුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වනදා  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය පසුගියදිනෙක ප්‍රතික්ෂේප කළා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන අමරසූරිය, මහජන නීතිය සහ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය සහ බැංකු නීතිය ඇතුළු විවිධ සිවිල් නඩු ක්ෂේත්‍රවල විශේෂඥයෙකු වනවා.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් ද වනවා.