රිදියගම සෆාරී උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තියයි

අම්බලන්තොට – රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබී ම අද පෙරවරුවේ සිදු කර තිබෙනවා.

ඒ සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.සි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි.

ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝා යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අඝ්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් කර තිබෙනවා.

එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා.