පෙබරවාරි මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා හෙට (13) ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

රු. 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීමට නියමිතයි.

ඒ අනූව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබගත හැක.