ලබන සෙනසුරාදා වන විට හමාස් සංවිධානය විසින් ගාසා තීරයෙන් සියලුම ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ඊශ්රායල-හමාස් සටන් විරාමය අවලංගු කරන ලෙස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
ඒ තවදුරටත් ප්රාණ ඇපකරුවන්-සිරකරුවන් හුවමාරු කර ගැනීම කල් දමන බවට හමාස් සංවිධානය විසින් සඳහන් කිරීමත් සමඟයි.
ට්රම්ප් පෙන්වා දෙන්නේ හමාස් සංවිධානය විසින් ගත් මෙම තීරණය භයානක බවයි.
ඊශ්රායල හමාස් සටන් විරාමය, ජනවාරි 19 වන දින සිට සති හයක් දක්වා ක්රියාත්මක කිරීමටයි දෙපාර්ශවයේ එකඟත්වය පැමිණියේ.

