පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසනවා.
එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ.
ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
එසේම 2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය සැළසුම් කර තිබෙනවා.

