කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරනවා.
මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් (කිලෝමීටර් 32.1) සහ කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 ක් (කිලෝමීටර් 209.2) පමණ දුරින් පිහිටා ටිහ්බෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

