2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලානයේ නිල තේමා ගීතය එළි දකී

2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා.

Jeeto Baazi Khel Ke ලෙස නම් කර ඇති මෙම ගීතය Abdullah Siddiqui විසින් නිෂ්පාදය කර තිබෙනවා .

එහි පද රචනය සිදු කර ඇත්තේ Adnan Dhool සහ Asfandyar Asad යන දෙදෙනා වනවා .

ප්‍රසිද්ධ පාකිස්තානු ගායකයෙක් වන Atif Aslam විසින් මෙම ගීතය ගායනා කරනු ලබනවා .

2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලානය සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 12 ක් පමණි .

මෙවර තරඟාවලිය පාකිස්තානයේ සහ එක්සත් අරාබියේ පැවැත්වෙනවා .