ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එම කාලය තුළ තුළ සංචාරකයින් 252,761 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
මීට පෙර වැඩිම සංචාරක ප්‍රමාණයක් වාර්තා වුනු 2018 වසරේ ජනවාරි මාසයේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 238,924ක් වනවා.
ඊට අමතරව 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253ක් ලෙස දැක්වෙනවා.


