සපත්තු වවුචර් බෙදීම පස්වනදායින් අවසන් වෙයි

පාසල් සිසුන්ට සපත්තු මිලදී ගැනීම සඳහා වන වවුචර් පත්, ලබන 5 වැනිදා වන විට බෙදා අවසන් කිරීමට සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දැනටමත් එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදාදීම, අවසන් අදියරේ පවතින බව‍යි අමාත්‍යාංශය සඳහන් කළේ.

සිසුන් 250 ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට සපත්තු වවුචර් පත් හිමිවන අතරම අස්වැසුම ප්‍රතිලාභය හිමිනොවන සියලු සිසුන්ටද එය හිමිවනවා.

එසේම අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට, පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාව ද, ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එසේ ප්‍රතිලාභ ලබව සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5 කට ආසන්න වනවා.