ඉස්සරහට ලුණු මිල තවත් ඉහළට

ඉදිරියේදී වෙළෙඳපොළේ ලු‍ණු මිල තවත් ඉහළ යා හැකි බව හම්බන්තොට ලු‍ණු ලේවායේ සභාපති නන්දන තිලක පවසනවා.

මේ වන විට ග්‍රෑම් 400 ලුණු කුඩු පැකැට්ටුවක් රුපියල් 120 දක්වාත්, කැට ලුණු පැකැට්ටුවක් රුපියල් 180 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ, ඉන්දියාවෙන් ආනයනය කළ පළමු ලු‍ණු තොගයෙන් කොටසක් හම්බන්තොට මහලේවායට ලැබෙමින් පවතින බවයි.