මෙවර ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබෙනවා. 

මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළඳුවේ දකුණු අප්‍රිකාවේ Tshego Gaelae වනවා .

එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ.

ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය.

ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.