ජනවාරියේ කොටස් වෙළඳපොල 7.39%කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම වසරේ ජනවාරි මාසයේ දී 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා.

2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (31) සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ද වීම විශේෂත්වයක් .

ඊයේ දිනයේ දී රු. බිලියන 5.15ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා ව ඇත.

එහි දේශීය මිලදී ගැනීම් රු. බිලියන 5.04ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.63ක් ලෙසින් සටහන්ව ඇත.

එමෙන්ම විදේශීය මිලදී ගැනීම රු. මිලියන 118ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 524ක් ලෙස වාර්තා වී තිබේ.