ITAK හිටපු නායක මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවුණා.