ජුනි මාසය දක්වා ප්‍රමාණවත් විදේශ ගමන් බලපත්‍ර රජය සතුයි

ලබන ජුනි මාසය දක්වා ප්‍රමාණවත් විදේශ ගමන් බලපත්‍ර රජය සතු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළේ.

අත්‍යවශ්‍යම පුද්ගලයින් විශේෂ කමිටුවක් මගින් හඳුනාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරමින් ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර විදෙශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචී වී ඇති පුද්ගලයින්ට ප්‍රමුඛතාව දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කාර්යාංශය මගින් ලයිස්තුවක් ද ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනෙනු ඇති.

රජයේ ලියාපදිංචි නොවූ ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන පුද්ගලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා යොමු කිරීම හේතුවෙන් අනවශ්‍ය තදබදයක් හටගෙන ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.