කුරානය ගිනි තැබීම හේතුවෙන් ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇති කළ පුද්ගලයෙකු ස්වීඩනයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා .
Salwan Momika නමැති මෙම පුද්ගලයා 2023 වසරේ දී ස්ටොක්හෝම් මධ්‍යම පල්ලිය ඉදිරිපිට ඉස්ලාම් ශුද්ධ ග්‍රන්ථයේ පිටපතක් ගිනි තැබීම හේතුවෙන් බොහෝ මුස්ලිම් බහුතර රටවල නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගනු ලැබුවා .
මේ හේතුවෙන් බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලයේ දෙවරක් නොසන්සුන්තාවයක් ඇති වූ අතර, රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ ස්වීඩන් තානාපතිවරයා නගරයෙන් නෙරපා හැරීමක් ද සිදු වුණා.
ඒ අනුව ඊයේ සවස ස්ටොක්හෝම්හි සොඩර්ටල්ජේ හි මහල් නිවාසයකදී මෙම Salwan Momika වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
ස්වීඩන පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

