අද කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (30) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1.97 කින් පහත යනු ලැබුවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.01%ක් වනවා.

දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,115.21 ක් ලෙස සටහන් වූ අතර දිනයේ පිරිවැටුප රුපියල් බිලියන 7.3ක්.