එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ධුරය Pete Hegseth හට

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ධුරය සඳහා නාමයෝජනා ලැබූ එක් අයෙක් වන Pete Hegseth එම ධුරය සඳහා පත්කර තිබෙනවා .

ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමිව තිබුණු අතර උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඔහුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟයි ඔහු එම ධුරය සඳහා තේරී පත් වුණේ.

ඒ සමඟම කැබිනට් නාමයෝජනාවක් තහවුරු කිරීම සඳහා ඡන්දය ලබා දුන් දෙවන උප ජනාධිපතිවරයා බවට වැන්ස් ඉතිහාසගත වුණා.

හිටපු fox news නිවේදකයෙකු වන Pete Hegseth හට ලිංගික අතරවාර චෝදනා සහ තවත් චෝදනා කිහිපයක්ම එල්ල වී තියෙද්දී මෙම තනතුර ලබා දීම කා අතරත් කතාබහට ලක් වූ කරුණක් වනවා .