අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 92,471ක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 27,751ක පුද්ගලයින් 92,471 පීඩාවට පත්ව තිබෙනවා.

එසේම අර්ධ නිවාස හානි 320ක් වාර්තා වන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක ඉංජිනේරු එච්.එම්.ජී.එස්.ඩි හේරත් කියා සිටියේ ප්‍රධාන ජලාශ 73න් 48ක් තවදුරටත් වාන් දමමින් පවතින බවයි.

ගතවූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 110 ගාල්ල – හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.