සති තුනට සංචාරක පැමිණීම ලක්ෂ එකහමාර ඉක්මවයි

නව වසරේ පසුගිය සති 3ක කාලයට ඇතුලත මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ එක හමාර ඉක්මවා තිබෙනවා.

ඒ අනුව ජනවාරි පළමු වනදා සිට 19 වනදා දක්වා සංචාරකයින් 153,761 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සදහන් වුණේ.

එම සංචාරකයින් අතර ඉන්දීය ජාතිකයින් 27,166ක්, රුසියානු ජාතිකයින් 22,033ක්, බ්‍රිතාන්‍ය ජාතකයින් 9,763ක් සිටිනවා.