සති තුනට ඩෙංගු රෝගීන් 3,499ක්

මේ වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,499 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව 1576 ක් වනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහයි.

එසේම ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22 ක් දිවයිනෙන් හඳුනා ගෙන තිබෙනවා.

මේ වසරේ ඩෙංගු වැළදීමෙන් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.