අමෙරිකානු – මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1,500ක්

සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු – මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1,500ක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

මේ සඳහා නාවික භටයින් 500 ක් ද ඇතුළත් කර තිබෙනවා .

සංක්‍රමණිකයන් පැමිණීම මැඩලීම සඳහා මිනිසුන් රහිත ගුවන් යානාද යොදාගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ලබාදුන් ප්‍රධාන නියෝගයක් වන්නේ අමෙරිකානු – මෙක්සිකෝ දේශසීමාවේ අනවසර සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීමටයි.

කෙසේවෙතත් මෙය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු ගැටළුවක් බවයි මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.