රුපියල තවත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 293.45 සිට රු. 294.46 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 302.02 සිට රු. 303.24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.