ජනවාරි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

ජනවාරි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා අද (ජන. 22) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේසේකර පවසනවා.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් හට තමාට හිමි ප්‍රතිලාභ අද දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි වනවා

අස්වැසුම ප්‍රතිලාභීන් දාහත් ලක්‍ෂ විසි දෙදහස් නවසිය විසි දෙකක් අතර බිලියන 12කට අධික වූ (රු. 12,536,422,500.00) මුදලක් බෙදාහැර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.