ආදරය ද රාගය ද – හඳුනා ගන්නේ කොහොම ද

ආදරයයි රාගයයි කියන්නේ හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. ආදරයෙන් තොර රාගයත්, රාගයෙන් තොර ආදරයත් කියන දෙකම නීරස දෙයක් .

අද කාලේ ආදර සබදතා වල තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ මේ ආදරයයි රාගයයි හරියට අඳුර ගන්න බැරි එක. ගොඩක් වෙලාවට අපි රාගයට ආදරය කියන නම දෙනවා .

ඇත්තටම මේක අඳුර ගන්න එක හිතන තරම්ම අමාරු දෙයක්ද? මේ වැඩේ ටිකක් විතර අමාරුයි නම් තමයි හැබැයි ආදරේදී වැදගත් වෙන මේ කාරණා තුන ගැන හොඳට හිතලා බැලුවා නම් පහසුවෙන්ම මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලිපියන ගැහැණු ළමයින්ට වැදගත් වෙයි .

එතකොට මොනවද මේ ආදරේදී වැදගත් වෙන කාරණා තුන?

1. සන්නිවේදනය

ආදරේදී ඔබ දෙදෙනා කිසිම ප්‍රශ්නයක් නැතුව විවෘතව ජිවිතේ ප්‍රශ්න ගැන වගේම අවශ්‍යතා ගැනත් කතාබහ කරනවා. ඔහුගේ ජීවිතේ ගැන වගේම ඔබේ ජිවිතේ ගැනත් ඔහුට තියෙන්නේ හොද අවබෝදයක්.

නමුත් රාගයේදී ඔහු කැමතිම පාට කියවන පොත් බලන tv වැඩසටහන් වගේ දේවල් ගැන ඇරෙන්න වෙන වැදගත් කිසිම දෙයක් ගැන ඔබ දන්නේ නැහැ. ඔබ ඒ දේවල් ගැන අහන්නත් බයයි ඔහුගෙන්. ඒ වගේම තමයි කිසිම අවස්ථාවක ඔබ දෙදෙනා ජිවිතේ වැදගත් දේවල් ගැන කතාබහ කරන්නේ නැහැ.

ආදරේදී ඔබ දෙදෙනා තර්ක කරගන්නවා. හැබැයි අවසානයේ දෙදෙනාම එකඟතාවයකට එනවා. තර්ක කරා කියලා ඔබ දෙදෙනා අතරේ කිසිම විදිහක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් රාගයේදී ඔබ ඔහුත් සමඟ තර්ක කරන්නේ නැහැ. ඔබ බයයි ඔහුත් සමඟ තර්ක කරන්න. ඔබ ඔහු කියන දෙයකට එකඟ වෙනවා.

ආදරයේ දී ඔබ එයාට යන්න ඉඩ දෙනවා . එත් රාගයේ දී තියෙන්නේ දැඩි අල්ලා ගැනීමක්. යයි කියලා බයක් .

2. ආදරය

ආදරයේදී ඕනෑම අවස්ථාවක ඔහු ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඔබව කිසිම අවස්ථාවක තනි කරන්නේ නැහැ.

රාගයේදී ඔහුට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබේ දේවල් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබ මොන තත්වෙක හිටියත් ඔහු ඒ ගැන සොයා බලන්නේ නැහැ. ඔහු ඔහුගේ සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරනවා. ඒ වගේම ඔහුට ඔබව අවශ්‍ය වෙලාවට විතරයි ඔහු ඔබ ලඟට එන්නේ. ඔහු ඔබ ලඟට එන්නේ ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගන්න , එහෙමත් නැත්නම් ඔහුට පාළුවක් දුකක් දැනෙනකොට විතයි .

ආදරයේදී ඔහු ඔබේ සතුටේදී සතුටු වෙනවා. ඔබේ සතුට වෙනුවෙන් බොහො දේවල් කරනවා. රාගයේදී ඔහු ඔබව විස්වාස කරන්නේ නැහැ. ඔබ දිහා නිතරම බලන්නේ සැකයෙන්. ඔබේ සතුටට හේතුවෙන කිසිම දෙයක් ඔහු කරන්නේ නැහැ. එහෙම කරන්න ඕනි කියලා ඔහුට ඕනිකමක් නැහැ .

ආදරයේදී ඔහු ඔබට කිසිම දෙයක් සඟවන්නේ නැහැ. අවංකව ඔබට හැම දෙයක් ගැනම කියනවා. රාගයේදී ඔහු ඔබට නිතරම බොරු කියනවා. ඔබ ඔහුගෙන් ප්‍රශ්ණ කලොත් ඔහු ඔබත් සමඟ ප්‍රශ්ණ ඇතිකර ගන්නවා. නැත්නම් ඔබ බිය වෙනවා ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඔබට බයයි ඒ අහන ප්‍රශ්න නිසා ඔහු ඔබෙන් ඈත් වෙයි කියලා.

ආදරයේදී ඔබ දෙදෙනා අතර කායිකව වගේම මානසිකවත් ලොකු බැදීමක් තියෙනවා. නමුත් රාගයේදී ඔබ දෙදෙනා අතර තිබෙන්නේ කායික බැදීමක් විතරයි.

3. ගරුත්වය

ආදරයේදී ඔහු ඔබේ දුර්වලතා හදුනාගෙන ඒවා සකස් කර ගන්න ඔබට උදවු කරනවා. රාගයේදී ඔහු ඔබේ දුර්වලතාවයන් අනිත් අය ඉදිරියේ හෑල්ලුවට ලක් කරනවා. ඔබේ දුර්වලතාවයන් ගැන නිතර නිතර ඔබට වැරදි කියනවා.

ආදරයේදී ඔහු ඔබේ අවශ්‍යතාවයන් හදුනා ගන්නවා. ඔබට ඒ දේවල් වෙනුවෙන් උදවු කරනවා. ඔබේ අදහස් වලට ගරු කරනවා. රාගයේදී ඔහු ඔබේ අදහස් වලට ඉඩක් දෙන්නේ නැහැ. ඔබව පාලනය කරන්න උත්සහ කරනවා. ඔබ හැම දෙයක්ම කල යුත්තේ ඔහුගේ අවශ්‍යතාවයන් සම්පුර්ණ කරන්න.

ආදරයේදී ඔහු ඔබ අතින් වෙන වැරදි වලට සමාව දෙනවා. ඔබව ආරක්ෂා කරගන්න උත්සහ කරනවා. රාගයේදී ඔහු කිසිම අවස්ථාවක ඔබේ වැරදි වලට සමාව දෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඔබට පහරදීම පවා ඔහු කරනවා. ඔබ ඔහුට ගරුත්වයකට වඩා දක්වන්නේ බියක්.

ආදරේදී මේ කාරණා තුන ගැන ඔබ හොඳට හිතලා බැලුවා නම් ඔබට පහසුවෙන්ම පුළුවන් ආදරය වගේම රාගයත් හදුනා ගන්න.

(අන්තර්ජාලය ඇසුරෙන් ගෙන සංස්කරණය කරන ලද්දක්)