VideoLAN විසින් විසින් develop කරන ලද VLC media player යෙදවුමට එක් වන අලුත්ම විශේෂාංගයක් සම්බන්ධයෙන් ඔවුන් නිවේදනය කරනවා .
ඒ අනුව ඉදිරියේ දී AI වලින් ක්‍රියාත්මක වන උපසිරැසි ඇතුලත් විශේෂාංගයක් හඳුන්වා දීමට නියමිතව තිබෙනවා .
මෙහි දී open-source AI models භාවිතා කරමින් ඕනෑම වීඩියෝවක් සඳහා ස්වයංක්‍රීයව තත්‍ය කාලීන උපසිරැසි ජනනය වීම සිදු කරනු ලබනවා .
මෙහි විශේෂත්වය වනුයේ මෙම උපසිරැසි ලබා ගැනීම සඳහා කිසිදු අන්තර්ජාල සම්බන්ධතාවයක් හෝ cloud service එකක් අවශ්‍ය නොවීමයි .
මෙම විශේෂාංගය එළි දක්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ .

