ආනයනික ලුණු තොගයක් ලබන සතියේ දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ලුණු මෙට්‍රික් ටොන් 15,000ක් මෙසේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනවාරි 31 වැනිදාට පෙර ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ .

ඉකුත් මෝසම් සමයේ දේශීය ලුණු නිෂ්පාදනයට ඇති වූ බලපෑම හේතුවෙන් ලුණු ආනයන කිරීමට රජය තීරණය කර තිබුණා.

ඒ අනූව මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දුන් බවයි ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ.