අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනයක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ TikTok යෙදවුම තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් තහනම් කිරීමක් කෙබඳුද සහ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තවමත් අවිනිශ්චිත බවයි BBC සඳහන් කරන්නේ.
චීනයේ නිර්මාණය කළ TikTok යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් අමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් මින් පෙර කරුණු වාර්තා කරා.
ඒ අනුව, TikTok යෙදවුම අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසයි.
එහිදී එම නියෝගයට එරෙහිව බයිට් ඩාන්ස් සමාගම අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තමා ධුරයේ ඉතිරිව ඇති පැය කිහිපය සඳහා තහනම ක්‍රියාත්මක නොකරන බවයි.

